Friday, October 12, 2012


කුඩා කාලය.....

මම ඉපදුනේ  හික්කඩුවට කිටිටු බද්දේගම කියන සුන්දර ගමෙ1962 දී.  මට මස 8 ක් විතර වෙද්දී 1968 දී කොළඔ කොලොන්නාවෙ පදිංචියට එන්න වෙනවා.කිරිදෙන වත්ත කියලා තැනක හිටියා මතකයි.මම ඒ දවස්වල මුලින්ම කොලොන්නාවෙ විජය විද්‍යාලයට පාසැල් ගියා.එතනදි පුංචි මතකයක් විතරයි මට තියෙන්නේ. එගොඩ කොලොන්නාවෙන් පසුව මෙගොඩ කොලොන්නාවට එනවා.පුංචි සිල්ලර කඩයක් තමයි කරගෙන ආවෙ.ඒත් ඒ දවස්වල චන්ඩින්ගෙන් හරියට අපිට කරදර තිබුණා.නිතරම කඩෙට ඇවිල්ලා මංකොල්ලා කනවා.

ඉතිං ඒ නිසා අපි පදංචිය කිරිබත්ගොඩට වෙනස් කරනවා.එතන හෝටලයකුත් සිල්ලර කඩයකුත් කරගෙන ගියා කරදරයක් නැතුව.
එහිදී ඉගෙන ගැනිමට ඊරියවැටිය මහා විද්‍යාලයට ගියා.පහ වසරෙදි එම පාසලින්අස්කරලා  කැළණියේ ගුරුකුල මහා විදුහලට ඇතුලත්කලා. එම පාසලට ගියේ බස් එකෙන් කිරිබත්ගොඩ ඉදලා පටිටිය හන්දියට ශත පහලවයි. විවෙක වෙලාවට කන්නත් එක්ක මට සත හතලිස්පහක් දෙනවා.සත තිහක් බස් එකට ගියහම සත පහලවක් අතේ ඉතිරි වෙනවා . ඒකෙන් ජෑමි පාන් එකකුයි ප්ලේන්ටි එකකුයි බොනවා.සදුදාට මිහිර පත්තරේ ගන්නවා අනිවාර්යෙන්ම .ඒ දවස්වල මිහිර පත්තරේ සත පහලවයි.අමතරව කියවන්න ඒ දවස්වල වෙන දේවල් තිබුනේ නෑ.ගුණසේන පොත් සාප්පුවෙන් ඒ දවස්වල මගුල් කෑම‍,හත්පණ,මැක්බත්,වගේ පොත්. පොත් ගෙන්වා ගන්නවා.
පාසලේදී මම ඉතාම නිහඩ චරිතයක් වගේම මහ ලොකුවට පාඩමි කරපු කෙනෙක් නෙවෙයි.සාමාන්‍ය පෙළ විභාගේ කියලා කිසි විෂේශයක් තිබුනේ නෑ. කඩවත වසන්ත කියලා අමතර පන්තියකට ගණතය,විද්‍යාව සදහා ගියා.
                          1978 සාමාන්‍යපෙල පන්තියේදී ඇදපු චිත්‍ර කිහිපයක්...


                              
                               සාමාන්‍යපෙල පන්තියේදී ඇදපු චිත්‍ර කිහිපයක්...1978 -10-23


^ මා මිත්‍ර නිහාල් හේවගේ ඇදපු චිතුයක් වමි පැත්තේ යටම ඉන්නේ මම හරි අපූරැවට නිහාල්ට බලානෙ අදින්න පුලුවන්....


ඒ දවස්වල චිත්‍ර  තමා ආසාවෙන්ම කරපු විෂය.වී.පී .දන්දෙණිය ගුරැතූමිය අපට චිත්‍ර විෂය ඉතා අපූරැවට කියලා දුන්නා .ඇය අද ජීවතුන් අතර නැතත්ඇය අපට මවක් වගේ කරැණු තේරුමි කරලා දුන්නා.ඊ ලගට තුනී ලෑලි (ලී වැඩ ) විෂයටත් ගොඩක් ආසයි අලුත් නිර්මාණ කරන්න ඒ නිසා අවස්ථාවක් ලැබුනා.කොහොම හරි  සාමාන්‍ය පෙළ විෂයන් අටක් සමග සමිමාන තුනක් ලබාගත් මා උසස් පෙළට සමත් උනා.හැබැයිගණිතය,ඉංග්‍රීසි ,දෙකම අසමත්.ඒ දවස් වල ගණිතය අනිවාර්යය නැති උනත්  ගෙදරින් නැවත විභාගය කරන්න කියලා බල කලත්,මගේ කැමැත්තට  උසස් පෙළට ඇතුලත් උනා.ඊලග අවුරැද්දේ ගණිතයත්,ඉංග්‍රීසිත් නැවත කලා එයින් ඉංග්‍රීසි සමත් උනත් ගණිතය අසමත් උනා.
 උසස් පෙළට සිංහල ,චිත්‍ර, ආර්ථික විද්‍යව,නාට්‍ය කරණය.ඉගෙන ගත්තා.නාට්‍ය කරණය කරන අතරතුර නාට්‍යක් කලා අපේ පන්තියෙන්. එහිදී සිංහල විෂය ඉගැන්වූයේ දක්ෂ ගීත රවක අමරසේන කංකානමිගේ ගුරුතුමා.ඒ දවස්වල ඹහු ගීත ලියනවා කියලා දන්නේ නෑ පසුව තමයි දැන ගත්තේ.ඹහු අපිට නිදිමත වෙනකං පන්තියේ එක එක දේවල් රසට කියනවා. 



 ^  පාලිත විජේසිංහ, වොල්ටර් චන්ද්‍රසිරි රගපෑ අවස්ථාවක්.
                                                                    ^ ජයලත් චන්ද්‍රසිරි හා නිහාල් හේවගරගපෑඅවස්ථාවක්...

 මා රගපෑ අවස්ථාවක්...
                                                           සාමාන්‍ය පෙල පන්තියේ දී.....

අපි ඔය කාලෙදී පුංචි පත්තරයක් ලිවිවා ඉතා ආසාවෙන් ඒ වැඩ කටයුතු කලා.වොල්ටර්,මම,පාලිත විජෙසිංහ(දැන් ඹහු රූපවාහිනීයේ ඉහලතැනකසිටිනවා)ලලිත්,
ඇතුලු කිහිප දෙනෙක් 
සහභාගී උනා.


                                                                              පාලිත විජේසිංහ, වොල්ටර් චන්ද්‍රසිරි රගපෑ අවස්ථාවක්.

 ඒ අතර දවසක් පාපැදි වලින්  කතරගම යමු කියලා යෝජනා උනා. ඒකට නමි කීයටවත් ගෙදරින් කැමැත්ත දෙන්නේ නැති බව මම දන්න නිසා ගෙදරට කිවිවා පිරිත් මණ්ඩප්පයක් ගහනවා යාලුවෙකු ගේ ගෙදර ඒකට යනවා කියලා. කොහොම හරි අපි තුන් දෙනෙක් බයිසිකල් වලින් කතර ගම ගියා මගේ ලග රුපියල් එකසිය පණහක් තිබුණා.පළමු දවසේ අපි දෙන්නෙක් හොරණ අනිත් යාලුවගේ ගෙදර ගියා එතන ඉදලා මාතරට ගියා. මාතර පන්සලක ඉදලා මාමඩල ,බැමිණියන්විල යාලුවගේ ගෙදර ගියා එහේදි පැල් රකින්නත් ලිදක් ඉහින්නත් සිද්ද උනා.ඒ ලග තිබුණ තැපැල් කන්තොරුවෙන් පොස්කාඩි එකක් තැපැල් කලා විස්තරේ ගෙදරට කියලා.ඊට පස්සේ කොහොම හරි කතරගමත් ගිහිල්ලා ගෙදර එනකොට හත වැදිලා . මම ගෙදර එනකොට එකම යුද පිටියයි මම පැනලා ගිහිල්ලා කියලා.මම දැක්කම ඔක්කොම හරි ගියා. මම තැපැල් කරපු ලිපිය මම ගෙදර ගිහිල්ලා දවසකට පස්සේ ලැබුණා...ඉතිං හිතාගන්න පුලුවන්නේ කාරනේ....
 

                                             කතරගම වැඩිහිටිකන්ද උඩ දී


                                              කතරගම වැඩිහිටිකන්ද නගිද් දී




          
                                                     ^ මම හරි කෙටිටුයි පාසල් යන කාලේ....

උසස්ළෙ විෂයන් හතර සාමාන්‍ය විදියට සමත් උනා. ඒත් සරසවි යන්න ලකුණු මදි උනා. ඒක ඒ තරමි ගණන් ගත්තෙත් නෑ.ඒ දවස් වල දැන් වගේ ඉගෙන ගන්න ලොකු බලාපොරොත්තුවක් වත් කරදරයක්වත් තිබුනේ නෑ......ඔන්න ඔය විදියට කුඩා කාළය ගෙවුනා..............

8 comments:

  1. සුබපැතුම්.. දිගටම ලියන්න...

    ReplyDelete
  2. සුතූතියි.....රසල්

    ReplyDelete
  3. හිතාගන්න බැරි වැඩනේ කරලා තියෙන්නේ... ඔහොම කියමු...ඒක නිසා දිගටම ලියන්න...සුභ පතනවා...!!

    ReplyDelete
  4. කියන්න බැරි උනා....චිත්‍ර ටිකනම් අපූරුයි...

    ReplyDelete
  5. බොහොම හොඳ ආරම්භයක්..ආසාවෙන් කියෙව්වා..චිත්‍ර ටික නම් ටොප්..බ්ලොග් එකට ෆලෝවර්ස්ලා එකතු කරන ගැජට් එක එකතු කරන්න Word Verification අයින් කරන්න ..සින්ඩිකේටර්ස්වලට බ්ලොග් එක රෙජිස්ටර් කරන්න...කියවන්නන්ට පහසුවක් ඒක..

    ReplyDelete
  6. ස්තූතියි ලීල්..

    ReplyDelete
  7. හරිම රසවත්. සමහර තැන වලදී තවත් විස්තර තිබුන නම් හොඳයි කියලත් හිතෙනවා. මගේ සුබපැතුම්..!!

    ReplyDelete