Saturday, October 13, 2012

රුදුරු වන සතුන් මැද රෝහණ පුරවරයට............



හාත්පසම වියලී ගිය තණ පත්ය.ගහකොළ ශෝකාකූලව බලා සිටී . හමා ගෙන යන තද දූවිලි සුළගින් අතු අග රැදි වියලි කොළ ඈතට පාවී යයි.රූස්ස ගහ කොළ පමණක් කොළ පැහැය දරා සිටී.ඒවාද තේජාන්විත බවක් නොපෙන්වයි.නෙත ගැටෙන සෑම තැනම දිය සිදී ගොසිනි.තැන තැන ඉතිරිව තිබූ මඩ වලවල්වල සිරවී සිටි මාලු දැඩි හිරු රැසින් ඹබ මොබ දගලයි.එය ඒ අසල ගසක රැදි කොකුන් රැනකට හොද ආහාරයකි.වැවෙහි තරමක් ඈතින් දිය පිරී ඇත.කෙලවරෙක අලි රැනක් ජල ක්‍රීඩා කරති.මෑත වැවි තාවුල්ලේ ඇතෙකි.ඌ තඛ පදුරැ කීපයක් පයින් ගලවා කිහිප වරක් ගසා වැලි ඉවත්කොට මුව තුලට දමා ගත්තේය.ඊට මදක් ඈතින් තවත් අලි රෑනකි.කෑමට කිසිත් නැති නිසාදෝ කටු පදුරුවල ඉතිරිවූ අතු කීහිපයක් කඩනු පෙනෙයි.ඇතින්න අසලම පුංචි පැටියකු දගකාරව හැසිරෙයි.රංචුවෙ වැඩිහිටියෝ පැටවා ආවරණය වන සේ මෑත් වී සිටිති. 

රුහුණු ජාතික වනෝද්‍යාන අභය භූමිය අගෝස්තු මස සිට දෙසැමිබර් මස දක්වා දැඩි නියගයකට මුහුණ දෙයි.මෙ කාලයට අලි ඇතුන් ආහාර හා ජලය සොයා ගමිවදී.මෙම වනෝද්‍යානය මුහුණ දෙන එකම ගැටලුව ජල හිගයයි.

වනෝද්‍යානය තුළ ස්වාහාවික වැවි හා කෙමි රාශියක් පිහිටා ඇත.ගෝණ ගල, මණ්ඩාගල,ඓතිහාසික වටිනා කමකින් යුත් වැවි රාශියකි.මහාසීලව,ඌරණීය,හීන් වැව,කොරවක්කා වැව, යන වැවි වල අවුරුද්දේ වැඩි කාලයක් ජලය රදා පවතී. ජබුරාගල,වැල්මල්කෙම,ආකාශ චෛත්‍යය,පඩිකෙම,කිබුලාගල,වලස්කෙම, යන කෙමි වල ද සතුන් සදහා ජලය එක්රැස් වී ඇත.වන උයන හරහා මහවැලි ගගද ,කුබුක්කං ඔයද ගලා යමින් වන උයනේ පිපාසය සංසිදවයි...
මෙම වනාන්තරය තුළ තෙත් මෝසමි, වියලි මෝසමි,අර්ධ පතනශීලී කටු පදුරු හා වනාන්තරද, තෘණ භූමි ,විශාල ගොඩබිමි පරිසර පද්ධති මෙන්ම,මිරිදිය බිමි හා සමුද්‍ර තෙත් බිමිද,කඩොලාන පරිසර පද්ධතීන් ගෙන්ද ඉතා පොහොසත්ය,                                             
 ජබුරාගල කන්ද,ගෝණගල, පඩිකෙම,ආකාශ චෛත්‍යය, විහාර ගොඩැල්ල වැනි ‍ඓතිහාසික වශයෙන් වැදගත් පූජනීය ස්ථාන ගණනාවක්ම යාල වනෝද්‍යානය තුළ ඇත.සිතුල්පවිව රජමහා විහාරයද,මගුල් මහා විහාරයද වනෝද්‍යානය තුළ බෞද්ධ හැගීමි දනවයි.

යාල අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්වු යේ 1909 වර්ෂයේ දීය. එය 1938 දී රැහුණු ජාතික වනෝද්‍යානය ලෙස නමි කෙරිණ. කළමණාකරණයේ පහසුව සදහා කලාප පහක් ලෙස වෙන්කර ඇත.එය දකුණු පලාතේ හමිබන්නොට හා ඌව පලාතේමොණරාගල දක්වා විහිද යයි.යාල ජාතික වනෝද්‍යානයවර්ග කිලෝමීටර් 1297 ක් පමණ වෙ.1990 මාර්තු මස 23 වන දින රක්ෂිතයක් බවට පත්විය.ඡෛව විවිධත්වය අතින් ඉතා වැදගත් ස්ථානයක් ගනී.

අපගේ ගමනාන්තය වුයේ ජබුරාගලයි.ඒ වෙත ජීප් රථයෙන් යාම තරමක් අපහසු කාර්යයකි.එහෙත් ඒ වෙත ගොස් එහි සිරි නැරබීම මහත් ආස්වාදයකි.අවට බැලූ බැලූ අත ගල් පර්වතයි.ඒ නිසා වෙනත් නවාතැන් හා කදවුරු කලාප වලට වඩා ගුප්ත හැගීමක් දනවයි.එය මැනවින් අවබොධවන්නේ එහි පහස විදගත් අයෙකුට පමණි.ගුප්ත බව වඩාත් ඉස්මතු වන්නේ කැළය මැද හුදකලා තැනක මෙ නවාතැන පිහිටි නිසාය.














අපි දූවිල්ලෙන් පිරි මාවත් දිගේ ඉතා සුන්දර ස්ථාන කරා ගියෙමු.ඡායාරූප ගතිමු.මෙවැනි වාහනයක සිට ඡායාරූප ගැනීමෙදී ඇට මල්ල ඉතා ප්‍රයෝජනවත්ය.නැතිනමි  Canon IS හෝ  Nikon VR වැනි දුර රූප කාචයක් හාවිතා කළ හැක.ජීප් රථයේ දොරට විශේෂ ලී ඇටවුමක් සාදා ඒ මත ඇට මල්ල තබා ජායාරූප ගැනීමටද සමහරු පුරුදු වී ඇත.

ඉතිරිය පසුවට .......

4 comments:

  1. මූණු පොතෙන් විඳ ඇති ඔබගේ මේ අති විශිෂ්ඨ ජායාරූප පසුපස ඇති කතන්දරයත් අපූරුයි කීර්ති..එය අප සමඟ බෙදා හදා ගැනීමට සිතීමත් එතරම්ම අපූරුයි.

    ReplyDelete
  2. වෙනී අයිය තමයි පාර කිව්වෙ.....ඡායාරූපකරණයට මාත් සෑහෙන කැමතියි......
    අදින් පස්සෙ හැමදාම එනව.......ඔබට සාර්ථක ගමනකට මගෙනුත් සුභ පැතුම්...!!!!

    ReplyDelete
    Replies
    1. පිසාචයාටත් ස්තූතියි.....

      Delete