Tuesday, October 23, 2012

ඉතිරිය ...( යාල වාරිකාව )

 ඉතිරිය.......
අපි වරහන කදවුරු බිම අසලින් වාහනය හරවාගන්නට ගියෙමු.මෙ දැන් දිවියකු පාර දිගේ ගිය බව හමුවූ තවත් වාහනයකින් කීවෙය. අප වරහන පාරේ නැවත ජීප් රථය පැදවීමු.


රිලවුන් රැලක් කෑගසන හඩක් ඈත තියාම ඇසෙන්නට විය.එම හඩින් ළග ළගම දිවියා ඇතිබව අපි දැනගතිමු.අප ශබිදය ඇසෙන දෙස දෑස් දල්වා බලා සිටියෙමු.පාර දෙපස ගස් දෙකක් හරහා රිලවුන් බිම බලමින් ගසින් ගසට පනින්නේ ගස පාමුල දිවියා ඇති නිසා විය යුතුය.අපගේ සිතිවිල්ල සනාත කරමින් දිවියා වනයෙන් මතුවී ගස් දෙක අතර දුවමින් ගසට නගින්නට මෙන් කලබල කරයි.ඒ දෙස බලමින් අනෙක් ගසට පනින ලද රිලවකු පහල තිබූ යටි වියන් ඉස්ථරයට ලිස්සා වැටිණි.ක්ෂණයකින් යටි වියන් ස්ථරයට පැන්න දිවියා වෙගයෙන් අත් පහරක් එල්ල කරමින් රිලවා අඩපන කරගැනීමට සමත්විය.ඌ ජයග්‍රාහී ලීලාවෙන් දෙපස බැලීමෙන් අනතුරුව රිලවාද කටින් ගෙන කැළය තුලට නොපෙනී ගියේය.මද වෙලාවකින් රිලවුන්ගේ විලාපයද නැතිවී නිහඩ විය.රිලවුන් පනින ලද ගස් දෙක අතර විශාල රිලා වසුරු ප්‍රමාණයක් දක්නට ලැබිණි.රිලවුන් කොපමණ බිය වී සිටින්නට ඇති දැයි එයින් අපට සිතාගත හැකිවිය.



අපි නවාතැනට ආ විගසම රැගෙන ආ භුමිතෙල් ලාමිපු වලට දමා හතර කොනක දැල්වීමු.එම ලන්තෑරුමි මුහුදු ලාමිපු ලෙස හැදින්වෙ.එසේ හැදින්වූයේ මුහුදු යාමෙ දී භාවිතා කරන බැවිනි. මුලු රාත්‍රියක් පුරා දැල්විමට එක් පිරවුමක් සෑහේ.

මග පෙන්වන්නා අසල පිහිටි කැලෑවට ගොස් දර ටිකක් රැගෙන ආවෙය.කදවුර ඉදිරිපසම ගිණි දල්වන ස්ථානයකි.අපි ජීප් රියෙන් ගෙනා දර ටිකද එක්කොට ගිණි මැලය දැල්වීමු.එයින් අවට පරිසරය ආලෝකමත් විය.එය ආරක්ෂාවටත් සිසිල මගහරවා ගැනීමටත් උපකාර විය.


අපි සියල්ලන්ම පසුදා උදෙන්ම අවදි වී අපගේ ඉවුමි පිහුමි කටයුතුද නිමා ‍කොට පාන්දර 5.00 වන විට වනයේ සංචාරය කිරීමට කතිකා කොට ගතිමු.මෙවැනි ගමන් වලදී කතාකරගත් පරිදිම සියල්ල සිදුවීම හොද ඡායාරූප ගැනීමි වලට අවස්ථාවක් ලැබෙන බව අත්දැකීමෙන් දන්නා කරුණකි. ඒ සදහා කල යුත්තේ උදෑසනින් අවදි වී පිටත් වීමයි. එසේ කතාකරගත් අපි නවාතැනට විත් නිදාගතිමු.
සකස්කරගත් ආහාරද වතුරද රැගෙන කතාකරගත් වෙලාවටම පිටත වීමට අපට හැකි විය. අපි උදෑසනින්ම මොදර ගල අසල ඇති ගල් පර්වත සෝදිසි කිරිමට තීරණය කලෙමු.අප අනුමාන කල පරිදිම දිවියා ගල් තලාව මුදුනේ සිටිනු දක්නට ලැබිණි.ඡායාරූප පිපාසාවෙන් සිටි සැමට හොද ඉරියවිවකි.

 ගල මුදුනේ සිටි දිවියා මද වෙලාවකින් අල ඉදිරියෙන්ම පහල ඇති ප්‍රදේශයට ආවෙය.විවිධ ඉරියවි ඉදිරිපත් කරමින් නිරූපිකාවක් ලෙස හැසිරෙයි.මද වෙලාවකින් එයින් බැස ගත් දිවියා මොදර ගල අසල පාර දිගේ මද දුරක් ඇවිද ගොස් කැලයට රිංගා ගත්තේය. ජිප් රථය තුළ සෙලවීමි බහුල උවත් සෑම දෙනාටම පාහේ නිසි පරිදි ඡායාරූප ගැනීමට හැකි විය.

මිලි මිටර් 500 ක කාචයක් වත් රැගෙන යාම වනජිවී ජායාරූප කරණයේදී ඉතා වැදගත් වන්නේය.එහෙත් ඒ ඒ අවස්ථාවන්ට අනුකූලව මිලි මීටර් 300 කාචයකින් උවද සෑහෙන වැඩ කොටසක් කරගත  හැකිය. කාචයේනාභි දුර වැඩි ‍වෙත්ම ඡායාරූප ගැනීමට ලැබෙන අවස්ථාවන් අවම වෙ.ඡායාරූප ගැනීමට වැඩි පිරිසක් සහභාගී කර ගැනීම ද නොහැකිය.මිලි මීටර් 800 ක කාචයක් භාවිතා කරන අවස්ථාවන් වලදී ඉතා සුලු සෙල වීමකින් පවා ප්‍රතිබිමිභය අපැහැදිලි  කරයි.
අපි උදැසන හැකි පමණ ජායාරූප ගත්මු.කාලය වෙගයෙන් ඉගිල්ලී දහවලටද ආරාධනා කරයි.අපි ආකාශ චෛත්‍යය අසලට පැමිණ උදෑසන ආහාරය ගතිමු.කෑමෙන් පසු ආකාශ චෛත්‍යය පර්වතය නැගීමට ගියෙමු. එහි මුදුනට නැගීම ඉතා දුෂ්කර කටයුත්තකි.දැඩි සුළගද බාදාවකි.අපි මද දුරක් ගල තරණය කොට පහල පිහිටි ගල් ගුහාවක් නැරබීමට ගියෙමු.කටාරං කොටා ඇති ගල් ගුහාවෙි ඉදිරිපස ඉහල බ්‍රාක්මී අක්ෂර කොටා ඇත.ගල් ගුහාව ඉදිරි පසින් දොරටුවක් තබා වටෙට බිත්ති බැද ආවරනයක් යොදා ඇත.දැන් එය වවුලන්ගේ හා වැහි ලිහිනියන්ගේ නවාතැන් පලකි.මෙය රජ දවස භාවනානුයෝගී භික්ෂුන්ට පූජා කරන ලද්දක් බවට සිතිය හැක.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. අපි ඉන් නික්ම වනයේ ජායාරුප ගැනීම සදහා පිටත් වුනෙමු. මුවන් , ගෝනුන්,කුරුලලන් ඇතුලු බොහෝ සතුන් කැමරා වෙි සටහන් කර ගතිමු.දහවල් ආහාරය
පටනංගල දී රස විදි අතර වෙරලේ මාලු වාඩි වලද ඇවිද ඔවුන් හා දොඩමලු වීමු.


පටනංගල වටා අපූරු ජන කතා ගෙතී ඇත.පුරාණයේ දී නැවි වලට බඩු පටවා ඇත්තේ මෙ පටනංගල සිටය.පටවන ගල පටනංගල වී ඇති බව ජනප්‍රවාදයේ සදහන් වෙ.

යාල වනොද්‍යානය වන අලින් සදහා ඉතා දැකුමිකලු නිජබිමකි. දේශීය හා විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිනෙන්නේ ඉතා පහසුවෙන් විශාල සතුන් සංඛ්‍යාවක් දැක බලා ගැනීමට හැකි නිසාය.වනය තුල වන අලින් 450 ත් 500 අතර ප්‍රමාණයක් ඇති බව ගණන් බලා ඇත.යාල වනොද්‍යානය වියලි කලාපයේ පිහිටා ඇත.උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩි  අංශක 22.9 ක් පමණ වෙ.එහි උපරිම උෂ්ණත්වය   සෙන්ටිග්‍රේඩි අංශක 30.82 ක් පමණ වෙ.ඊසාන දිග මෝසමි වැසි මගින් ඔක්තෝමිබර් සිට ජනවාරි දක්වා වර්ෂාව ලැබෙ.එය සාමාන්‍ය යෙන් වර්ෂයකට මිලි මීටර් 450 පමණ වෙ.සෙසු වනාන්තර කොටස්වල හා දැඩි රක්ෂිත කොටස් වල වර්ෂාපතනය මිලි මීටර් 550 ත් 775 ත් අතර වෙ.හමිබන්තොට සමුද්‍රාසන්නයේ පිහිටි බුතව , උඩ පොත්තන, මහිරාව ආදී කලපු යාල සුන්දරත්වය දෙගුණ තෙගූණ කරවයි.

ඉර අවරට යන යාමයේ දී අපගේ අරමුණ වූයේ දිය බීමට එන දිවියකු ගේ ජායාරූප ගැනීමයි.අප මදක් වාහනය නතරකරගෙන අවට විපරමින් යුතුව බලා සිටියෙමු.දිවියකු ගේ සේයාවක් වත් අප නෙත නොගැටිනි.වාහනය අප ආ පාර දිගේම ඇදෙන්නට විය.අසලින්ම තරමක් විශාල දිවියකු පාර දිගේ ඇවිද යනු දැකීම මහත් සතුටට කරුණක් විය.කැමරව නිරතුරුවම නද දුන්නත් අනාවරණය වූ බොහෝ රූප රාමු මන්දාලෝකය නිසා සෙල වී තිබිණි.


 රාත්‍රිය උදා විය.අපි සුපුරුදු පරිදි නවාතැනට පැමිණ රාත්‍රි ඉවුමි පිහුමි කටයුතුද තේ සෑදීමෙ කටයුතුද කලෙමු.
 සියලු බැදීමි වලින් තොර අපූරු පරිසරයක අසිරිය විද ගැනීම මොන තරමි සැපතක්ද.එය විද ගැනීමට නමි මෙවැනි සුන්දර චාරිකාවක්පැමිණිය යුතුව ඇත.සංචාරක බංගලාවක සුව පහසුව ගත කරනවාට වඩා මෙය ආශ්වාද ජනකය. මෙ අවට ගල් තලාව මත නිදහසේ සිසිල් වාතය අතර රැදී සිටීම ගතට මෙන්ම සිතටද ප්‍රබොධජනක අත්දැකීමකි.

වියලි කලාපයේ වනාන්තර වල මූලික ශාක ප්‍රජාව ලෙස පලු ශාකය හැදින්විය හැකිය.එයට අමතරව වීර ,බුරුත,පීලු ශාක ප්‍රධාන ලෙස හමුවෙ. කටු රහිත පදුරු ලෙස රණවරා ,කරඔ,එරමිණියා යන ශාක ද වෙනත් විශේෂ ලෙස කටු පදුරු හා ගස් අතර විහිදී ඇති නවහන්දි හැදින්විය හැකිය.

හමුවන කුරැල්ලන් අතර ලංකාවට ආවෙණික හා ආවෙණික නොවන විශේෂ කිහිපයක්ම යාල දී අපට දැක ගත හැක. 

වලිකුකුලා,මොණරා,හබන් කුකුලා,ශ්‍රී ලංකා අලු කෑදැත්තා,පොරෝ කෑදැත්තා,දුමි බොන්නා ,පොදු පොරොලුවා, යන කුරැල්ලන් නිතරම දැකිය හැකි කුරුල්ලන් ගෙන් සමහරකි.

මෙයට අමතරව දිවියා , වලහා, මුවා ,ගොණා, අලියා, නරියා ඇතුලු ක්ෂීරපායී සතුන් විශාල සංක්‍යාවක් අපට යාල දී හමුවෙ.

කොටා බැදි වැවට මදක් එහායින් වලස් ජොඩුවක් ගසක ගෙඩි කඩනු අපට පෙනිනි.ඒ අසල වාහන කීපයක් නවතා තිබිණි.එහෙත් අප රිසි සේ වලසුන් ගේ ක්‍රියාවන් නැරබුවෙමු.එක් වලසකු ගසේ මුදුනටම නැංගේය. ගස එතරමි විශාල නොවුනත් එහි ඇති ගෙඩි අතු පිටින්ම කඩා බිමට දමයි.ඒ පැටවුන් දෙදෙනාට විය යුතුය.අනිත් වලසා ඒ අසලම
ඇති තුබසකට පහර දෙමින් එය බිදියි.මද වෙලාවක් එසේ හිද පැටවුන් දෙදෙනාද රැගෙන වනය තුල නොපෙනී ගියේය.

මෙදින සුපුරුදු පරිදි අලියා දිවියා ඇතුලු සංචාරක කුරුල්ලන්ගේද  දසුන් කැමරාවෙ සටහන් කර ගැනීමට අපට හැකිවිය.එය ගමනේ සාර්ථකත්වය කියා පෑවෙය. වනඡීවී ඡායාරූප කරණයේ යෙදෙන බොහෝ දෙනෙක් නරියා දැකීමට බොහෝ ප්‍රිය කරයි. නරියා උදෙන්ම දුටුව හොත් ස්ථීර වශයෙන්ම දිවියකු දැකීම සිදුවෙතැයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

චාරිකාවෙ අවසන් දින සවස් යාමය උදාවිය.ඡයාරූප ගැනීමත් පරිසරය රස විදීමත් කිසිදා නිමාකල නොහැක්කකි.සියොලගම වැසීගත් දූවිලි තටිටුවකි.කොයිමෙහොතේ නවාතැනට ගොස් දිය නා ගන්නට ඇත්නමි යැයි සිත කියයි.එහෙත් ඒ සියල්ල යටපත් කරමින් කැමරාවද, සිතද, දෙනෙත්ද පරිසරය පුරා රූප රාමු සොයයි.

රථයේ රියදුරා හා මග පෙන්වන්නා අපව වනයේ සෑම ඉසවිවකම රැගෙන ගියේය.සමහර විට ඒ කොයි කොයි ඉසවිවකද කියා පැටලිලි සහිතය.කෙතෙක් දූවිල්ලෙන් නැහැ වුනද හිරු රැසින් පීඩා වූවද මෙි පරිසරය කෙතෙක් රස වින්දද එය නිමාවක් නොදකී.තව තවත් එහිම රැදෙන්නට සිත පොළබවයි.

මෙ කටුක පරිසරයට මම දැඩි ලෙස ආදරය කරමි.එහි දුටු සුන්දර සිද්ධීන් නැවත නැවත මෙනෙහිකොට රස විදිමි.මෙයින් හෙට  දවසේ නික්ම ගියද යලි මෙහි එන්නේ කවදාදැයි මග බලා හිදින්නෙමි. පෞද්ගලික දිවියේ ඇති අපමණ දුක් ගැහැට , අවිවෙකීකමි පසෙක ලා මෙ දුෂ්කර වූ වන රජ දහනේ රජ කමි කරන්නට සිතෙයි.ජබුරාගල ගල්තලාවෙ සැතපෙන්නට වරමි ලැබෙන්නේ කවදා දැයි සිතෙයි.

ගල්තලාව මත හාන්සි වී සිටි මම එක්වරම කාල වර්ණ අහස් තලයට දෑස් යොමු කළෙමි.රාත්‍රි අහස්වියන් තලයේ ඈත කෙනෙක වර්ණ තරු අතර රැදි දීප්ත්මත් තාරකාවක් මදෙස බලා හිදිමින් සිනාසෙයි.එය සරදමටද ඔචිචමට දැයි  මට නොසිතේ. මමද ඇය දෙස බලා මුව පුරා සිනාසුනෙමි....

6 comments:

  1. ලස්සන විස්තරයක්. අර දිවියාගේ පින්තුර මරු. බ්ලොග් එකේ ෆලෝ ගැජට් එකක් තිබ්බා නම් හොඳයි.

    ReplyDelete
  2. ස්තූතියි මම බිලොග් වල වැඩිය වැඩ දන්නේ නෑ .....

    ReplyDelete
  3. නියෙමෙට ලියල තියෙනවා..... සිංහල වචන ලස්සනට ගලපලා...

    තව පොඩ්ඩක් බ්ලොග් එක හදන්න....

    සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලීල් මම බිලොග් ගැන දන්නෙම නෑ පුලුවන් විදියට තමයි හදාගත්තේ....

      Delete
    2. මමත් එකක් ඉස්සර කරා... මමත් හෙන කට්ටක් කෑවා....කමක් නෑ තාම මුල් හරියනේ....මට කියදෙන්න හරියට තේරෙන්නේ නෑ...නැත්නම් කියා දෙනවා....
      කොහොම හරි ලියන්න...ඒක තමා වටින්නේ...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete