Saturday, November 3, 2012

කයිරී ගේ රජ දහනට ඡායාරූපමය චාරිකාවක්.....


පළමු කොටස...

සීතල සද ඇති රාත්‍රිය ඉතා චමත්කාර ජනක සිතිවිලි මවයි.ඉදිරිපසින් ඇති කදු යාය සද එලියෙන් බබලයි.කදු මුදුන් සිපගන්නා අහසත්, මිහිදුමි වලාවනුත් අතරින් තරු එලි කිහිපයක් නිවි නිවි දිලෙයි.තරු එලිය යටපත් කරමින් විටින් විට වලාකුලු අතරින් මෑත් වෙන පුන් සද ඉතා දයාබරව මගේ ඉහ අද්දර හිද සිසිල සදයි.
වරින් වර උලමකු නගන පාලු හඩ හදවත ගැහෙනා වෙගය දෙගුණ කරවයි.මා වවුලන් රැනක් කලබලකාරී අයුරින් පියාසලමින් අසල ඇති ගසක ගෙඩි වලට පොරයකි.වල් ඌරන් රෑනක් කුඹුරේ ලියදි වල නියරවල් බිදින හඩත්,ගොයමි කරල් කමින් ඒවා පොඩිකරන හඩ ද ඇසේ.ගතට සසිල් පහස සදමින් මෙතෙක් වෙිලා සිටි පුන් සද පරිසරයම කලුවර කරමින් කලු වලා වකින් වැසී ගියේය.අසල ඇති කුබුක් ගසේ අත්තක බොර කෙවුල් බකමූනෙකු සිය සහකාරියට අමතයි.ඒ හඩට මටද මගේ බිරිදත් දරුවන් තිදෙනාත් සිහියට නැගුණි.

මෙ සොදුරු රජ දහන තුල කදු වලලු අතරින් පාවෙන සෙයක් මට දැනේ.මගේ දෙනෙත දකින ඡායාරූපමය දසුන් සහ සිතිවිලි කැමරාවෙ සටහන් කරගත නොහැකිව කැමරාවත්,ත්‍රීපාද පීඨයත්, මදෙස බලා සිටින්නේ පරාජිත වූ අයුරකිනි.

කුබුරු යාය අසලම වන ලැහැබ තුල වන අලින් රෑනක් කොයි මොහොතේ හෝ මෙ කුබුරු යායට වැදී සැනසෙමි දැයි විමසිලිව සිටින හඩ ඇසෙයි.ඔවුන් ගේ ගමන වැලැක්වීමට කුබුර වටා ආරක්ෂිත නලා හඩක් සහිත කමිබි වයරයකි.ඒ හරහා ගමන් කිරීමට එන වන අලින් ගෙන්කමිබිය තදවී, පැල තුල ඇති නලා හඩවනය ක්‍රියාත්මක වෙයි.එය දැනගන්නා පැල්කරු කෑකෝ ගසා හෝ අලිවෙඩි පත්තුකර හෝ අනිකුත් පැල් කරුවන්ට දන්වයි.නැතිනමි නලා ශබිදය අනෙකුත් පැල් කරුවන්ට ඇසේ.බැටරිවල බලය හීන වූ විට එය එසේ නොවෙ.අලිවෙඩි මදි වූ විට රතිකඤා දල්වයි.
මෙසේ ශබිද කරමින් ද විදුලි පන්දමි එලි එල්ල කරමින් ද වන අලි එලවීම යුද පිටියක සිරිගනී.ගෝෂාවත් වෙඩි ශබිදයත් මගේ සොදුරු දැහැන් දසුන් පෙළද නිති බිද දමයි.මෙතෙක් වෙලා නින්දේ සිටි මගේ මග පෙන්වන මිතුරාට ද වැඩ රාජකාරී අධික වී ඇත.කෙතරමි සීතල වූවද නින්ද යන නිසාවෙන් ඔවුන් රෙදි පෙරවීමක් නමි නොකරයි. ඹවුන් මෙ සීතල පරිසරයේම කොටසක් යැයි මට සිතේ.

දැන් හිරුඑලිය මෙලොව සිප ගන්නට ආසන්නම මොහොතයි.සිසිල් පින්න සහිත මදනල ද අප පසුකරමින් ගමන් කරයි.හිරු ටිකෙන් ටික උල්හෙල කන්ද මුදුනෙන් මෝදු වන විට අවට පරිසරයේ ඇති පැහැපත් වර්ණ රටාමගේ සිත මන්මත් කරවයි.
මා මෙතෙක් වෙලා රාත්‍රිය ගතකල මකුල්ල ගසේ ඇති කොල වල රැදි පිණි බිදු දියවී වහලයේ ඇති ඉටි කොලය මතට වැටෙන හඩ ඇසෙයි.මෙ පුංචි නිවහන තුල මෙ අසිරිය විදින්නටත්  කවි සිතිවිලි මනස තුල තැන්පත් කරගන්නටත් හැකිවීම ගැන මම සතුටු වීමි.


 පොලවෙ සිට අඩි 20 ක් පමණ උස මකුල්ල ගසේ අතු බෙදුනු තැනක සෑදුනු මෙ පුංචි පැල මා ගුවනේ පා කරවයි. ඉහලින් තිබූ අතුවල ගෙඩි රාත්‍රිය පුරාම වවුලන් විසින් කා දමා වහලයට වැටෙන ශබිදයට මාගේ නිදි දැහැන නිතරම බින්දේය. එහෙත් ඊයේ රාත්‍රියේ විදි මෙ අත්දැකීම මා කවදා විදින්නදැයි මට සිතෙයි.
ලහි ලහියේ සමන් පැල පාමුල වූ මඩුව තුල තේ සෑදීමෙ කටයුතු කරයි.ඔහුට ඉතා රසවත්ව ඉවුමි පිහුමි කටයුතු කල හැකිය. අප නිල්ගලට එන විට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒමට අමතක නොකලෙමු. ඒ නිසා මෙි දින කීපයෙහි ආහාර ඉතා ප්‍රනීතව රසවිදින්නට හැකිවීම ගැන මම සතුටු වීමි.
උල්හෙල කන්දෙන් මතුවූ හිරැගේ දීප්තිමත් හිරැ කිරණ වෙල්යායෙහි වවිධ වූ රටා මටයි. කුරුලු රංචු නාද කරමින් ඒ හරහා පියඹා යයි.වී කුරැල්ලන් සිය ගණනකින් සැදී රැලක් කුඹුරේ එක් ලියදදක වසා සිටීයි.ගල් දුන්ානන් මිදුණු ගලක් ඔවුන් අහසේ එහා කොනකට පා කරවීය.ගල්ඔය ඉතා වෙගවත්ව හඩ නගමින් කියන්නේ ඉහත්තෑවට තද වැසි ලැබුණු බවකි.
උලහෙල කන්ද,මකරේ කන්ද,නිල්ගල කන්ද,කොන්තියා හෙල,බුලුපිටියේහෙල,ඈවල හෙල(අකුණු හෙල),කහටඅත්නා හෙල,යකුන්නේ හෙල,කරාඩුගල කන්ද,දාණිගල කන්ද,යනාදී කදුපංති ගමට අයත් කදු පංතියයි.
රාත්‍රිය පුරා නිදිකිරමින් සිටි කැමරා ආමිපන්න ලහි ලහියේ රූපරාමු සොයමින් ක්‍රියාත්මක වෙයි.ධ්‍රැවීකරණ  හා පාරජමිබුල පෙරණ මගේ ඡායාරූපවල වර්ණ නිවැරදි කරමින්ද,වරෙක අහසෙහි වලාකුලු දීප්තිමත් කරමින්ද,අනවශ්‍ය කිරණ කපා හරිමින් ද මට සහය වෙයි.ආලෝකය මන්දගාමීව ලැබෙන මෙ උදෑසන ත්‍රිපාද පීඨයද නොසෙල් වී ඡායාරූප ගැනීමට මට සහය වෙයි.
මගේ ජීවිතයේ නැවුමි හා දුර්ලභ අත්දැකීමකට ඉඩහසර ලැබීම,ජීවිතයේ අත්විදි පළමු හා හොදම අවස්ථාවකි.මීට පෙර 2003 වස‍රේ මෙි මනරමි පරිසරය පහසුකරමින් කුමන කුරුලු පාරාදීසය බැලීමට ගියෙමි.එදින දුටු දසුන් මා සිත්තුල ගුප්ත හැගීමක් දැනවීමම මෙි සොදුරු පරිසරයට පැමිනෙන්නට පෙලබුවාදැයි මටසිතුනි.

සැවානා තණ බිමක්වන නිල්ගල ඖෂධ වනයතුල සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩි 30ං ක් පමණ වෙ.වර්ෂා පතනය මිලි ලීටර් 1875 සිට 2250 ක් පමණ වෙ.මෙම වනයේ වි‍ශේෂත්වය වන්නේ අගෝස්තු මසට පෙරත් පසුවත් වනයේ තැනින් තැන ගිණි ගැනිමි වලට ලක්වීමයි.ගැමියන්ගේ කටවහරේ හී පවතින්නේ තුන්මස් තුන් පෝයක්ගිණි ගන්නා බවයි.
අරලු ,බුලු,නෙල්ලී,කහට,ගමිමාලු,වැනි වටිනා ඖෂධ වර්ග රාශියක්ම මෙහි ඇත.යටි වියනෙහි මානා ,ඉලුක් යන තෘණ වි‍ශේෂ මීටර් 1.5 පමණ උසට වැඩෙයි.
සතුන් අතර වල් ඌරා,වන අලියා,ගෝණා,මුවා,වැලිමුවා,රිලවා,ඉත්තෑවා,වලහා,වදුරා යනාදීසතුන් දැකිය හැක.නමුත් නිතරම දැකීම පහසු නොවෙ.කුරුලු වර්ග 103 පමණ නිතර දැකිය හැකිවීම ද වි‍ශේෂත්වයකි.ලංකාවට ආවෙනික හා නොවන කුරුලු වර්ග රැසක් ඒ අතර වෙයි.නිල්ගල සැවානා වනයටම ආවෙනික තිත් වටු කුරුල්ලා දැකගැනීම තරමක් අපහසුය.ගැමියන් එම කුරුල්ලාට මාන කුකුලා යන නම භාවිතා කරයි.
නිල්ගල පිහිටා තිබෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිලේ සිට අමිපාර පාරේ කිලෝ මීටර් 21 ක් ගිය විටදීය.අමිපාර අඩවි වන නිවහනෙන් නිසි පරිදි අවසර ගැනීමෙන් පසුව මෙ සුන්දර වනයට ඇතුල්විය හැකිය.බුලුපිටිය පොලිස් මුර පල අසලින් දිවෙන මාර්ගයේ කිලෝ මිටර් 10 ක් පමණ පයින් යා යුතුය.නැතිනමි ට්‍රැක්ටරයකින් හෝ යතුරු පැදියක් භාවිතා කලහැකිය.සේදුණු මාර්ගය වල ගොඩැලි සහිතය.එහෙත් වැසි දින වලදී කිසිවකින් මෙ මාර්ගයේ යා නොහැක.පාර හරහා වැටී ඇති ඇල මාර්ග වලින් එතෙර වී යායුතු නිසා එම දින වලදී පා ගමනින් හෝ පා පැදි වලින් පමණක් එහි ලගාවිය යුතුය.තදින් වර්ෂාව පවතින කාල වලදී ගොවිතුන් කරන ගොවීහු සති තුනකට පමණ සෑහෙන ආහාර ද්‍රව්‍ය රැගෙන යයි. එම කාල වල දී බාහිර ලෝකයෙන්  කිසිදු සමිබන්දතාවයක් නොමැතිව මෙි සුන්දර වනදහන හුදකලා වෙ පසුවෙයි.


Saturday, October 27, 2012

උසස් පෙලින් පසුව.....



පාසැල් කාළය අවසන් වෙන කිටිටුවම යුනේස්කෝ තරුණ සමිමෙලණයෙන් ඡායාරූප පාඨමාලාවක් පටන් ගත්තා. ඒකට මමත් ගියා හරිම ආසාවෙන් ඒ වැඩකටයුතු කලා.ඒ 1979 වසරේදී .ඒ පාඨමාලාව තිබුනේ බෙෘද්ධ කාන්තා විදුහලේ .එක් අවුරුදු පාඨමාලාව සාර්ථක ලෙස නිමා කලා.1980 ඉදලා ජායාරූප කරණයේ යෙදුනා.
මුලින්ම ජායාරූපකරණයට ආසාවක් ඇති උනේ නවජීවන චිත්‍රාගාරය නිසා.ඒකේ චිත්‍රපට ස‍ංස්කරණ කටයුතු බලන්න යනවා.ඉතිං අවාසනාවකට වගේ නවජීවන චිත්‍රාගාරය ඉවත් කරලා එම ගොඩනැගිලි සියල්ලම ලංකා විදුලි බල මණ්ඩලයට අරගන්නවා.එම චිත්‍රාගාරයේ තිබුණ සියලුම චිත්‍රපටි කෑන් පිටින්ම මිනිසුන් කරත්ත වලින් අරගෙන ගියා. සමහරු නුවරපාර දිගේ ඒවා විනොදෙට රෝල් කරලා ඇරියා.ඉතිං ඒ රෝල් වලින් කොටසක් මටත් ලැබුණා. ගෙදර එකම කුණුගොඩක් වගෙයි සමහර දාට .මොකද චිත්‍රපටි බලලා රෝල් ඔක්කොම දිගෑර ගෙන. ඉතින් ඒකත් මෙ ජායාරූපකරණයට ආසාවක් ඇතිවෙන්න එක හේතුවක්.
ඒ වගේම 1970 වෙදී පමණ හැදුනුමි පත් හදුන්වා දුන්නා. සිසිර ෆොටෝ කියලා පින්තූර ගන්න තැනක් තිබුණා කිරිබත්ගොඩ අපේ ගේ කිටිටුවම.මගේ යාලුවෙක්ගේ තාත්තා තමයි ඒ කටයුතූ කලේ.ඉතින් දහමි පාසල් විවෙක කාලේ මගේ සිසිර කියන යාලුවත් එක්ක මම යනවා එයාලගේ ගෙදර . මම විකාශණය කරපු පටල පටි නිතරම දකිනවා.ඉතිං මට කුතුහලයක් ඇතිඋනා කොහොමද මෙ කටයුත්ත වෙන්නේ කියලා

දවසක් නරක්උන ඡායාරූප මුද්‍රණ කඩදාසි පැකටි එකක් මට යාලුවාගෙන් මට ලැබුණා..ඉතින් ගෙදර ඇවිල්ලා පටල පටිය කඩදාසියට උඩින් අල්ලලා ඉර එලියට අල්ලා ගෙන ඉන්නවා.ටික වෙලාවකින් දමි පාටින් කඩදාසිය අනාවරණය වෙනවා ඉතිං මට හරි ආසයි ඒ වැ‍ඩෙට ඒත් ඒක වැඩි වෙලා තියෙන්නේ නෑ ඒ මොකද කියලා ඔයාල දන්නවානේ...මම ඒකට අනාවරණය කරන පින්තූර පොත් ඇතූලේ දාලා තියනවා. එතකොට කලයක් තියාගන්න පුලුවන් ආලෝකය නොවැටෙන නිසා. ඒකත් මට මෙ ඡායාරූපකරණයට එන්න ඇසාවක් ඇති උනා.
          මට හරි හමන් කැමරාවක් තිබුනේ නෑ


උසස් පෙල සමත් උනායින් පස්සේ ව්‍යාපාර කටයුතූ වලට සමිබන්ද වෙනවා....ඒ 1984 දෙසැමිබර් මාසේ ඉදලා .පියා විසින් ඇදුමි මැසීමෙ ව්‍යාපාරයක් ආරමිභ කලා රත්න ටෙලර්ස් කියලා .රත්න කියන්නේ මගේ නමෙ අග කොටස . මම රෙදි ගැනවත් මැහුමි ගැනවත් කිසිම දෙයක් දන්නේ නෑ. මම ව්‍යාපාර කටයුතූ කලේ කැමරාවක් ගන්න හිතා ගෙන. තාත්තා නමි කොහෙත්ම කැමති උනේ නෑ ජායාරූපකරණයට. ඔවා සල්ලි කන වැඩ කියලා තමයි නිතරම කිවිවෙ....
ඔහොම යනකොට මැහුමි කටයුතූ වැඩි උනත් වැඩ කරන මිනිසුන් වැඩි උනේ නෑ ...මම කිවිව බොත්තමි කාස ටිකක් මහන්න කියලා දෙන්න කියලා .. මෙ මනුස්සයා කියපි මහත්තයාට කියලා දුන්නොත් මගේ බඩෙ පාර නේ කියලා.
ඉතිං මම එදා ඉදලා කපන කෑලි බල බලා තනියම ඇදුමි කපා ගෙන මැහුවා.කොහොම හරි දවස් දෙකක් යනකොට මම තනියම කමිස කපා ගෙන මැහුවා. විනාඩි 45 කින් කමිසයක් කපලා මහන්න තරමට මම තනියම ඉගෙන ගත්තා. පුංවි කාලේ ඉදලම මට දැකලා හිතලා වැඩ කිරීමෙ පුරැදක් තිබුණා....මම දැකපු ආස දෙයක් පුංචි කාලේ දැක්කොත් ඒක කොහොම හරි ගෙදර ඇවිල්ලා හදනවා...ඒක මට හරි අගේ ඇති වැඩක් උනා..ඒකෙන් මම ගොඩක් සතූටු උනා....අදටත් එහෙමයි ..මට කවිරුහරි අභියෝග කලොත් මම ඒක අතාරින්නේ නමි නෑ.....
කොහොම හරි වැඩ කරන අය පස්සේ වැඩ කරන්න ආවෙ නෑ..ඒ මගේ ප්‍රශ්ණයක් නිසා නෙවෙයි. ඒ අයටම එපා වෙන්න ඇති .මම තව කෙනකූට මහන්න පුරුදු කලා .ඉතින් ඊට පස්සේ කලිසමි කැපීමත් මැසීමත් මම ඉක්මනින් පුරුදු උනා..
මම යෂිකා FX7 කැමරාවක් ගත්තා ඒ 1987 දී...මුලින්ම ජායාරූප 10 ක් ඉදිරිපත් කලා ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයට...පින්තූර 10 ම තේරුණා දෙවන හා තෙවන ස්ඨාන දෙකත් සහිතව...මට දැනුන සතූට අද වගේම මතකයි...

එයින් පස්සේ ව්‍යාපාර කටයුතූ හොදින් කරගෙන ගියා. මම කපලා මහපු ඇදුමි ලස්සනට ඇදගෙන යන කොට මට හරි සතූටක් දැනුනා...

ඒ අය අතර සංගමයේ..මහාචාර්්‍ය උදිත ගයාශාන් ගූණසේකර. ලලිත අභය සුන්දර.දිවයින පත්තරේ හර්ෂණ ජයතිලක.දර්ෂණ කරැණාතිලක.අශෝක ඩයස්( දැන් සිරස මාධ්‍ය ජාලය)ශාන්ත කේ හේරත් යන අය ඇතූලු ගොඩක් හිතවතූන් හිටියා......
කොහෙම හරි කලුසුදු ජායාරෑප කරණයත් කලේ රෑට ටෙලර් සාප්පුවෙදි මයි. එන්ලාජර් එකත් මමයි හදා ගත්තේ. ඉතිං ඒකෙන් පින්තූර හදා ගන්න ගොඩක් මහන්සි උනා....ඒත් ඒකේ ප්‍රථිපල ඉහල මටිටමක තිබුණා. තූන් අවුරැදු ඩිප්ලොමාව සාර්ථකව නිමා කලා ... ඒ 1992 විතර.
ඒ අතර ඇදුමි මැසිමත් කරගෙන ගියා. ඒ අතර මංගල ජායාරෑප කරණයත් කර ගෙන ගියා....වනජීවී ජායාරෑප කරණයත් කරගෙන ගියා ...ඒ විදුසර පත්තරේ මුල් පිටු ජායාරෑප සදහා.....ඉතින් හොද මිතුරන් ටිකක් ලැබුනා පත්තරේ නිසා දෙහිවල බෝමිබයට ගොදුරු උන මා මිත්‍ර සුදීප පූර්ණජිත් මෙ වෙලාවෙ මතක් වෙනවා....

1992 විවාහ උනා ඉතිං තව තවත් කාලය පිලිබදව ප්‍රශ්ණ ආවා බිරිද පාසලක ගෘහ විද්‍යාව උගන්වනවා .( දැන් පුතාල තිදෙනෙක් ඉන්නවා)



කොහොම හරි 2001 වෙන කොට නිමි ඇදුමි වැඩි දෙනා අදින්න උනා එයින් වැඩ අඩු උනා. ඒ අතරට මංගල ජායාරූප කරණයත් කැලේ යන එකත් කරන නිසා ව්‍යාපාර කටයුතූ නවතා දැමිමා...
ඒත් දිගටම වනජීවී ජායාරූපත් මංගල ජායාරූපත් ගැනීම කරගෙන ගියා....ශ්‍රී ලංකා ජාතික ජායාරූප කලා සංගමයේ ප්‍රදර්ශන අධ්‍යක්ෂක තනතූරට තේරැනා ඒ 2003 දී. පසුව සමාජ සේවා අධ්‍යක්ෂක තනතූරටත් ප්‍රකාශණ අධ්‍යක්ෂක තනතූරටත් පත් උනා කුමන්ත්‍රණනකින් ඒ තනතුර අහිමි කලත් මම මගේ උපරිම දායකත්වය සංගමයට ලබා දුන්නා... 

මම ඇසුරු සාමාජිකත්වය හා ගෙවිරව සබාගී සාමාජික යන දෙකම ලබා ගත්තා. ඒ වගේම සංගමයේ යවජීව සාමාජික යෙකුද වෙනවා...මෙ වසරේදී සබාගී සාමාජිකත්වයත් ලබා ගත්තා....
ඡාත්‍යන්තර පුදර්ශන ගණනාවකම මගේ ජායාරූප ප්‍රදර්ශනය වෙලා තියනවා .ලගදීම FIAP ලබා ගානීමයි බලා පොරොත්තුව......
මම මුලින් ගත්ත කැමරාව පසුව විකිනුවා. ඊට පස්සේ නිකොන් FM-2, FE-2 ,METZ -60 CT කැමරා දෙකත් ෆ්ලෑෂ් ගන් එකත් සහන මිලට ටික ටික ගෙවන්න එන් .ආර්. අභයසිංහ මහතා ලබාදුන්න.ඒ මගේ පලමු ගුරුවරයා...
පසුව කැනන් 40D කැමරාවක් ගත්තා. ඒ 2008 ඒ වර්ෂයේදී.මට හිතේ හැටියට වැඩ කරන්න ලැබුනේ ඊට පස්සේ....
මෙ වෙනකොට ලැබි ගානේ රස්තියාදු උනා එපා වෙනකමිම.ඉති‍ මෙ කරදරයෙන් මිදෙන්න මම කමිපියුටර් එකක් ගත්තා ඒත් ඒකේ වැඩකරන්න හිතපු තරමි ලේසි නෑ.මට ගේමි ගහනවා ඇරෙන්න කරන්න කියලා දෙයක් ඉගෙන ගන්න බැරි උනා.ඒ නිසා කමිපියුටරය විකිනුවා....
අවුරුදු ගානකට පස්සේ ආයෙත් කමිපියුටරයක් ගත්තා. මෙ පාර නමි වැඩෙ ඇතෑරියේ නෑ . කොහොමහරි ටික ටික ඉගෙන ගත්තා. කිරිබත්ගොඩ ඩිසයින් ක්ලබ් එකේ අනුරාධ මහතාව මම ආදරයෙන් මතක් කරනවා මෙ වෙලාවෙ. හවස 4.00 ට අපේ ගෙදර ආව අනුරාධ 6.00 විතර වෙනකමි ෆොටෝෂොප් ගැන කියලා දුන්නා මම උදේ තුන විතර වෙනකමිම කමිපියුටරයේ පෙන් එකෙන් පින්තූර කපන්න ඉගෙන ගත්තා.මගේ ඇල්බමි මට හදාගන්න පුලුවන් උනා.....ටික ටික වැඩ ලැබි වලින්යාලුවන්ගෙන් ඉගෙන ගත්තා.ඉතිං ඹහොම තමයි වැඩ ඉගෙන ගත්තේ ...මම තාමත් හරියටම ෆොටෝෂොප් ගැන දන්නේ නෑ..ඒ උනාට හරියටම පින්තූරයක් හදාගන්න තරමට පුලුවන් කියලා මම හිතනවා.
මගේ පලමුවන වනජීවී හා පාරිසරික ජායාරූප ප්‍රදර්ශනය 1998 වර්ෂයේදී කොළබ 07 .ජාතික කලාභවනේ දීපැවැත්උනා. එම ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණියේ ගරු පණ්ඩිත් අමරදේවයාණන් හා නන්දාමාලනී මැතිනියත්ය.ඒ මම දුරකතනයෙන් කල ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් ලෙසටයි.
ෆොටෝෂොප් ගැන කරපු පර්ාය්ෂනාත්මක වැඩ ඔස්සේ නවතම ජායාරූප කලාවක් හදුන්වා දෙන්න පුලුවන් උනා. ට්‍රාන්ස්එන්ඩි කියන නමින් ජායාරූප ප්‍රදර්ශනයක් කොළබ සෙෘන්දර්්‍යය විශ්වවිද්‍යාලයේ ජේ.ඒ.ඩී.පෙරේරා ගැලරියේදී පැවැත් උනා. මෙ මගේ දෙවන ජායාරූප ප්‍රදර්ශනයයි.එම ප්‍රදර්ශනය විවෟතකිරීමට හෙළයේ නිළි රැජින ආචාර්්‍ය මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුලු හමිභාව්‍ය ඇරාධිතයින් රැසක් පැමිණියා..
 එම ප්‍රදර්ශනය පහත ලින්ක් එක මගින් ඔබට නැරබිය හැක..

Tuesday, October 23, 2012

ඉතිරිය ...( යාල වාරිකාව )

 ඉතිරිය.......
අපි වරහන කදවුරු බිම අසලින් වාහනය හරවාගන්නට ගියෙමු.මෙ දැන් දිවියකු පාර දිගේ ගිය බව හමුවූ තවත් වාහනයකින් කීවෙය. අප වරහන පාරේ නැවත ජීප් රථය පැදවීමු.


රිලවුන් රැලක් කෑගසන හඩක් ඈත තියාම ඇසෙන්නට විය.එම හඩින් ළග ළගම දිවියා ඇතිබව අපි දැනගතිමු.අප ශබිදය ඇසෙන දෙස දෑස් දල්වා බලා සිටියෙමු.පාර දෙපස ගස් දෙකක් හරහා රිලවුන් බිම බලමින් ගසින් ගසට පනින්නේ ගස පාමුල දිවියා ඇති නිසා විය යුතුය.අපගේ සිතිවිල්ල සනාත කරමින් දිවියා වනයෙන් මතුවී ගස් දෙක අතර දුවමින් ගසට නගින්නට මෙන් කලබල කරයි.ඒ දෙස බලමින් අනෙක් ගසට පනින ලද රිලවකු පහල තිබූ යටි වියන් ඉස්ථරයට ලිස්සා වැටිණි.ක්ෂණයකින් යටි වියන් ස්ථරයට පැන්න දිවියා වෙගයෙන් අත් පහරක් එල්ල කරමින් රිලවා අඩපන කරගැනීමට සමත්විය.ඌ ජයග්‍රාහී ලීලාවෙන් දෙපස බැලීමෙන් අනතුරුව රිලවාද කටින් ගෙන කැළය තුලට නොපෙනී ගියේය.මද වෙලාවකින් රිලවුන්ගේ විලාපයද නැතිවී නිහඩ විය.රිලවුන් පනින ලද ගස් දෙක අතර විශාල රිලා වසුරු ප්‍රමාණයක් දක්නට ලැබිණි.රිලවුන් කොපමණ බිය වී සිටින්නට ඇති දැයි එයින් අපට සිතාගත හැකිවිය.



අපි නවාතැනට ආ විගසම රැගෙන ආ භුමිතෙල් ලාමිපු වලට දමා හතර කොනක දැල්වීමු.එම ලන්තෑරුමි මුහුදු ලාමිපු ලෙස හැදින්වෙ.එසේ හැදින්වූයේ මුහුදු යාමෙ දී භාවිතා කරන බැවිනි. මුලු රාත්‍රියක් පුරා දැල්විමට එක් පිරවුමක් සෑහේ.

මග පෙන්වන්නා අසල පිහිටි කැලෑවට ගොස් දර ටිකක් රැගෙන ආවෙය.කදවුර ඉදිරිපසම ගිණි දල්වන ස්ථානයකි.අපි ජීප් රියෙන් ගෙනා දර ටිකද එක්කොට ගිණි මැලය දැල්වීමු.එයින් අවට පරිසරය ආලෝකමත් විය.එය ආරක්ෂාවටත් සිසිල මගහරවා ගැනීමටත් උපකාර විය.


අපි සියල්ලන්ම පසුදා උදෙන්ම අවදි වී අපගේ ඉවුමි පිහුමි කටයුතුද නිමා ‍කොට පාන්දර 5.00 වන විට වනයේ සංචාරය කිරීමට කතිකා කොට ගතිමු.මෙවැනි ගමන් වලදී කතාකරගත් පරිදිම සියල්ල සිදුවීම හොද ඡායාරූප ගැනීමි වලට අවස්ථාවක් ලැබෙන බව අත්දැකීමෙන් දන්නා කරුණකි. ඒ සදහා කල යුත්තේ උදෑසනින් අවදි වී පිටත් වීමයි. එසේ කතාකරගත් අපි නවාතැනට විත් නිදාගතිමු.
සකස්කරගත් ආහාරද වතුරද රැගෙන කතාකරගත් වෙලාවටම පිටත වීමට අපට හැකි විය. අපි උදෑසනින්ම මොදර ගල අසල ඇති ගල් පර්වත සෝදිසි කිරිමට තීරණය කලෙමු.අප අනුමාන කල පරිදිම දිවියා ගල් තලාව මුදුනේ සිටිනු දක්නට ලැබිණි.ඡායාරූප පිපාසාවෙන් සිටි සැමට හොද ඉරියවිවකි.

 ගල මුදුනේ සිටි දිවියා මද වෙලාවකින් අල ඉදිරියෙන්ම පහල ඇති ප්‍රදේශයට ආවෙය.විවිධ ඉරියවි ඉදිරිපත් කරමින් නිරූපිකාවක් ලෙස හැසිරෙයි.මද වෙලාවකින් එයින් බැස ගත් දිවියා මොදර ගල අසල පාර දිගේ මද දුරක් ඇවිද ගොස් කැලයට රිංගා ගත්තේය. ජිප් රථය තුළ සෙලවීමි බහුල උවත් සෑම දෙනාටම පාහේ නිසි පරිදි ඡායාරූප ගැනීමට හැකි විය.

මිලි මිටර් 500 ක කාචයක් වත් රැගෙන යාම වනජිවී ජායාරූප කරණයේදී ඉතා වැදගත් වන්නේය.එහෙත් ඒ ඒ අවස්ථාවන්ට අනුකූලව මිලි මීටර් 300 කාචයකින් උවද සෑහෙන වැඩ කොටසක් කරගත  හැකිය. කාචයේනාභි දුර වැඩි ‍වෙත්ම ඡායාරූප ගැනීමට ලැබෙන අවස්ථාවන් අවම වෙ.ඡායාරූප ගැනීමට වැඩි පිරිසක් සහභාගී කර ගැනීම ද නොහැකිය.මිලි මීටර් 800 ක කාචයක් භාවිතා කරන අවස්ථාවන් වලදී ඉතා සුලු සෙල වීමකින් පවා ප්‍රතිබිමිභය අපැහැදිලි  කරයි.
අපි උදැසන හැකි පමණ ජායාරූප ගත්මු.කාලය වෙගයෙන් ඉගිල්ලී දහවලටද ආරාධනා කරයි.අපි ආකාශ චෛත්‍යය අසලට පැමිණ උදෑසන ආහාරය ගතිමු.කෑමෙන් පසු ආකාශ චෛත්‍යය පර්වතය නැගීමට ගියෙමු. එහි මුදුනට නැගීම ඉතා දුෂ්කර කටයුත්තකි.දැඩි සුළගද බාදාවකි.අපි මද දුරක් ගල තරණය කොට පහල පිහිටි ගල් ගුහාවක් නැරබීමට ගියෙමු.කටාරං කොටා ඇති ගල් ගුහාවෙි ඉදිරිපස ඉහල බ්‍රාක්මී අක්ෂර කොටා ඇත.ගල් ගුහාව ඉදිරි පසින් දොරටුවක් තබා වටෙට බිත්ති බැද ආවරනයක් යොදා ඇත.දැන් එය වවුලන්ගේ හා වැහි ලිහිනියන්ගේ නවාතැන් පලකි.මෙය රජ දවස භාවනානුයෝගී භික්ෂුන්ට පූජා කරන ලද්දක් බවට සිතිය හැක.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. අපි ඉන් නික්ම වනයේ ජායාරුප ගැනීම සදහා පිටත් වුනෙමු. මුවන් , ගෝනුන්,කුරුලලන් ඇතුලු බොහෝ සතුන් කැමරා වෙි සටහන් කර ගතිමු.දහවල් ආහාරය
පටනංගල දී රස විදි අතර වෙරලේ මාලු වාඩි වලද ඇවිද ඔවුන් හා දොඩමලු වීමු.


පටනංගල වටා අපූරු ජන කතා ගෙතී ඇත.පුරාණයේ දී නැවි වලට බඩු පටවා ඇත්තේ මෙ පටනංගල සිටය.පටවන ගල පටනංගල වී ඇති බව ජනප්‍රවාදයේ සදහන් වෙ.

යාල වනොද්‍යානය වන අලින් සදහා ඉතා දැකුමිකලු නිජබිමකි. දේශීය හා විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිනෙන්නේ ඉතා පහසුවෙන් විශාල සතුන් සංඛ්‍යාවක් දැක බලා ගැනීමට හැකි නිසාය.වනය තුල වන අලින් 450 ත් 500 අතර ප්‍රමාණයක් ඇති බව ගණන් බලා ඇත.යාල වනොද්‍යානය වියලි කලාපයේ පිහිටා ඇත.උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩි  අංශක 22.9 ක් පමණ වෙ.එහි උපරිම උෂ්ණත්වය   සෙන්ටිග්‍රේඩි අංශක 30.82 ක් පමණ වෙ.ඊසාන දිග මෝසමි වැසි මගින් ඔක්තෝමිබර් සිට ජනවාරි දක්වා වර්ෂාව ලැබෙ.එය සාමාන්‍ය යෙන් වර්ෂයකට මිලි මීටර් 450 පමණ වෙ.සෙසු වනාන්තර කොටස්වල හා දැඩි රක්ෂිත කොටස් වල වර්ෂාපතනය මිලි මීටර් 550 ත් 775 ත් අතර වෙ.හමිබන්තොට සමුද්‍රාසන්නයේ පිහිටි බුතව , උඩ පොත්තන, මහිරාව ආදී කලපු යාල සුන්දරත්වය දෙගුණ තෙගූණ කරවයි.

ඉර අවරට යන යාමයේ දී අපගේ අරමුණ වූයේ දිය බීමට එන දිවියකු ගේ ජායාරූප ගැනීමයි.අප මදක් වාහනය නතරකරගෙන අවට විපරමින් යුතුව බලා සිටියෙමු.දිවියකු ගේ සේයාවක් වත් අප නෙත නොගැටිනි.වාහනය අප ආ පාර දිගේම ඇදෙන්නට විය.අසලින්ම තරමක් විශාල දිවියකු පාර දිගේ ඇවිද යනු දැකීම මහත් සතුටට කරුණක් විය.කැමරව නිරතුරුවම නද දුන්නත් අනාවරණය වූ බොහෝ රූප රාමු මන්දාලෝකය නිසා සෙල වී තිබිණි.


 රාත්‍රිය උදා විය.අපි සුපුරුදු පරිදි නවාතැනට පැමිණ රාත්‍රි ඉවුමි පිහුමි කටයුතුද තේ සෑදීමෙ කටයුතුද කලෙමු.
 සියලු බැදීමි වලින් තොර අපූරු පරිසරයක අසිරිය විද ගැනීම මොන තරමි සැපතක්ද.එය විද ගැනීමට නමි මෙවැනි සුන්දර චාරිකාවක්පැමිණිය යුතුව ඇත.සංචාරක බංගලාවක සුව පහසුව ගත කරනවාට වඩා මෙය ආශ්වාද ජනකය. මෙ අවට ගල් තලාව මත නිදහසේ සිසිල් වාතය අතර රැදී සිටීම ගතට මෙන්ම සිතටද ප්‍රබොධජනක අත්දැකීමකි.

වියලි කලාපයේ වනාන්තර වල මූලික ශාක ප්‍රජාව ලෙස පලු ශාකය හැදින්විය හැකිය.එයට අමතරව වීර ,බුරුත,පීලු ශාක ප්‍රධාන ලෙස හමුවෙ. කටු රහිත පදුරු ලෙස රණවරා ,කරඔ,එරමිණියා යන ශාක ද වෙනත් විශේෂ ලෙස කටු පදුරු හා ගස් අතර විහිදී ඇති නවහන්දි හැදින්විය හැකිය.

හමුවන කුරැල්ලන් අතර ලංකාවට ආවෙණික හා ආවෙණික නොවන විශේෂ කිහිපයක්ම යාල දී අපට දැක ගත හැක. 

වලිකුකුලා,මොණරා,හබන් කුකුලා,ශ්‍රී ලංකා අලු කෑදැත්තා,පොරෝ කෑදැත්තා,දුමි බොන්නා ,පොදු පොරොලුවා, යන කුරැල්ලන් නිතරම දැකිය හැකි කුරුල්ලන් ගෙන් සමහරකි.

මෙයට අමතරව දිවියා , වලහා, මුවා ,ගොණා, අලියා, නරියා ඇතුලු ක්ෂීරපායී සතුන් විශාල සංක්‍යාවක් අපට යාල දී හමුවෙ.

කොටා බැදි වැවට මදක් එහායින් වලස් ජොඩුවක් ගසක ගෙඩි කඩනු අපට පෙනිනි.ඒ අසල වාහන කීපයක් නවතා තිබිණි.එහෙත් අප රිසි සේ වලසුන් ගේ ක්‍රියාවන් නැරබුවෙමු.එක් වලසකු ගසේ මුදුනටම නැංගේය. ගස එතරමි විශාල නොවුනත් එහි ඇති ගෙඩි අතු පිටින්ම කඩා බිමට දමයි.ඒ පැටවුන් දෙදෙනාට විය යුතුය.අනිත් වලසා ඒ අසලම
ඇති තුබසකට පහර දෙමින් එය බිදියි.මද වෙලාවක් එසේ හිද පැටවුන් දෙදෙනාද රැගෙන වනය තුල නොපෙනී ගියේය.

මෙදින සුපුරුදු පරිදි අලියා දිවියා ඇතුලු සංචාරක කුරුල්ලන්ගේද  දසුන් කැමරාවෙ සටහන් කර ගැනීමට අපට හැකිවිය.එය ගමනේ සාර්ථකත්වය කියා පෑවෙය. වනඡීවී ඡායාරූප කරණයේ යෙදෙන බොහෝ දෙනෙක් නරියා දැකීමට බොහෝ ප්‍රිය කරයි. නරියා උදෙන්ම දුටුව හොත් ස්ථීර වශයෙන්ම දිවියකු දැකීම සිදුවෙතැයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

චාරිකාවෙ අවසන් දින සවස් යාමය උදාවිය.ඡයාරූප ගැනීමත් පරිසරය රස විදීමත් කිසිදා නිමාකල නොහැක්කකි.සියොලගම වැසීගත් දූවිලි තටිටුවකි.කොයිමෙහොතේ නවාතැනට ගොස් දිය නා ගන්නට ඇත්නමි යැයි සිත කියයි.එහෙත් ඒ සියල්ල යටපත් කරමින් කැමරාවද, සිතද, දෙනෙත්ද පරිසරය පුරා රූප රාමු සොයයි.

රථයේ රියදුරා හා මග පෙන්වන්නා අපව වනයේ සෑම ඉසවිවකම රැගෙන ගියේය.සමහර විට ඒ කොයි කොයි ඉසවිවකද කියා පැටලිලි සහිතය.කෙතෙක් දූවිල්ලෙන් නැහැ වුනද හිරු රැසින් පීඩා වූවද මෙි පරිසරය කෙතෙක් රස වින්දද එය නිමාවක් නොදකී.තව තවත් එහිම රැදෙන්නට සිත පොළබවයි.

මෙ කටුක පරිසරයට මම දැඩි ලෙස ආදරය කරමි.එහි දුටු සුන්දර සිද්ධීන් නැවත නැවත මෙනෙහිකොට රස විදිමි.මෙයින් හෙට  දවසේ නික්ම ගියද යලි මෙහි එන්නේ කවදාදැයි මග බලා හිදින්නෙමි. පෞද්ගලික දිවියේ ඇති අපමණ දුක් ගැහැට , අවිවෙකීකමි පසෙක ලා මෙ දුෂ්කර වූ වන රජ දහනේ රජ කමි කරන්නට සිතෙයි.ජබුරාගල ගල්තලාවෙ සැතපෙන්නට වරමි ලැබෙන්නේ කවදා දැයි සිතෙයි.

ගල්තලාව මත හාන්සි වී සිටි මම එක්වරම කාල වර්ණ අහස් තලයට දෑස් යොමු කළෙමි.රාත්‍රි අහස්වියන් තලයේ ඈත කෙනෙක වර්ණ තරු අතර රැදි දීප්ත්මත් තාරකාවක් මදෙස බලා හිදිමින් සිනාසෙයි.එය සරදමටද ඔචිචමට දැයි  මට නොසිතේ. මමද ඇය දෙස බලා මුව පුරා සිනාසුනෙමි....

Saturday, October 13, 2012

රුදුරු වන සතුන් මැද රෝහණ පුරවරයට............



හාත්පසම වියලී ගිය තණ පත්ය.ගහකොළ ශෝකාකූලව බලා සිටී . හමා ගෙන යන තද දූවිලි සුළගින් අතු අග රැදි වියලි කොළ ඈතට පාවී යයි.රූස්ස ගහ කොළ පමණක් කොළ පැහැය දරා සිටී.ඒවාද තේජාන්විත බවක් නොපෙන්වයි.නෙත ගැටෙන සෑම තැනම දිය සිදී ගොසිනි.තැන තැන ඉතිරිව තිබූ මඩ වලවල්වල සිරවී සිටි මාලු දැඩි හිරු රැසින් ඹබ මොබ දගලයි.එය ඒ අසල ගසක රැදි කොකුන් රැනකට හොද ආහාරයකි.වැවෙහි තරමක් ඈතින් දිය පිරී ඇත.කෙලවරෙක අලි රැනක් ජල ක්‍රීඩා කරති.මෑත වැවි තාවුල්ලේ ඇතෙකි.ඌ තඛ පදුරැ කීපයක් පයින් ගලවා කිහිප වරක් ගසා වැලි ඉවත්කොට මුව තුලට දමා ගත්තේය.ඊට මදක් ඈතින් තවත් අලි රෑනකි.කෑමට කිසිත් නැති නිසාදෝ කටු පදුරුවල ඉතිරිවූ අතු කීහිපයක් කඩනු පෙනෙයි.ඇතින්න අසලම පුංචි පැටියකු දගකාරව හැසිරෙයි.රංචුවෙ වැඩිහිටියෝ පැටවා ආවරණය වන සේ මෑත් වී සිටිති. 

රුහුණු ජාතික වනෝද්‍යාන අභය භූමිය අගෝස්තු මස සිට දෙසැමිබර් මස දක්වා දැඩි නියගයකට මුහුණ දෙයි.මෙ කාලයට අලි ඇතුන් ආහාර හා ජලය සොයා ගමිවදී.මෙම වනෝද්‍යානය මුහුණ දෙන එකම ගැටලුව ජල හිගයයි.

වනෝද්‍යානය තුළ ස්වාහාවික වැවි හා කෙමි රාශියක් පිහිටා ඇත.ගෝණ ගල, මණ්ඩාගල,ඓතිහාසික වටිනා කමකින් යුත් වැවි රාශියකි.මහාසීලව,ඌරණීය,හීන් වැව,කොරවක්කා වැව, යන වැවි වල අවුරුද්දේ වැඩි කාලයක් ජලය රදා පවතී. ජබුරාගල,වැල්මල්කෙම,ආකාශ චෛත්‍යය,පඩිකෙම,කිබුලාගල,වලස්කෙම, යන කෙමි වල ද සතුන් සදහා ජලය එක්රැස් වී ඇත.වන උයන හරහා මහවැලි ගගද ,කුබුක්කං ඔයද ගලා යමින් වන උයනේ පිපාසය සංසිදවයි...
මෙම වනාන්තරය තුළ තෙත් මෝසමි, වියලි මෝසමි,අර්ධ පතනශීලී කටු පදුරු හා වනාන්තරද, තෘණ භූමි ,විශාල ගොඩබිමි පරිසර පද්ධති මෙන්ම,මිරිදිය බිමි හා සමුද්‍ර තෙත් බිමිද,කඩොලාන පරිසර පද්ධතීන් ගෙන්ද ඉතා පොහොසත්ය,                                             
 ජබුරාගල කන්ද,ගෝණගල, පඩිකෙම,ආකාශ චෛත්‍යය, විහාර ගොඩැල්ල වැනි ‍ඓතිහාසික වශයෙන් වැදගත් පූජනීය ස්ථාන ගණනාවක්ම යාල වනෝද්‍යානය තුළ ඇත.සිතුල්පවිව රජමහා විහාරයද,මගුල් මහා විහාරයද වනෝද්‍යානය තුළ බෞද්ධ හැගීමි දනවයි.

යාල අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්වු යේ 1909 වර්ෂයේ දීය. එය 1938 දී රැහුණු ජාතික වනෝද්‍යානය ලෙස නමි කෙරිණ. කළමණාකරණයේ පහසුව සදහා කලාප පහක් ලෙස වෙන්කර ඇත.එය දකුණු පලාතේ හමිබන්නොට හා ඌව පලාතේමොණරාගල දක්වා විහිද යයි.යාල ජාතික වනෝද්‍යානයවර්ග කිලෝමීටර් 1297 ක් පමණ වෙ.1990 මාර්තු මස 23 වන දින රක්ෂිතයක් බවට පත්විය.ඡෛව විවිධත්වය අතින් ඉතා වැදගත් ස්ථානයක් ගනී.

අපගේ ගමනාන්තය වුයේ ජබුරාගලයි.ඒ වෙත ජීප් රථයෙන් යාම තරමක් අපහසු කාර්යයකි.එහෙත් ඒ වෙත ගොස් එහි සිරි නැරබීම මහත් ආස්වාදයකි.අවට බැලූ බැලූ අත ගල් පර්වතයි.ඒ නිසා වෙනත් නවාතැන් හා කදවුරු කලාප වලට වඩා ගුප්ත හැගීමක් දනවයි.එය මැනවින් අවබොධවන්නේ එහි පහස විදගත් අයෙකුට පමණි.ගුප්ත බව වඩාත් ඉස්මතු වන්නේ කැළය මැද හුදකලා තැනක මෙ නවාතැන පිහිටි නිසාය.














අපි දූවිල්ලෙන් පිරි මාවත් දිගේ ඉතා සුන්දර ස්ථාන කරා ගියෙමු.ඡායාරූප ගතිමු.මෙවැනි වාහනයක සිට ඡායාරූප ගැනීමෙදී ඇට මල්ල ඉතා ප්‍රයෝජනවත්ය.නැතිනමි  Canon IS හෝ  Nikon VR වැනි දුර රූප කාචයක් හාවිතා කළ හැක.ජීප් රථයේ දොරට විශේෂ ලී ඇටවුමක් සාදා ඒ මත ඇට මල්ල තබා ජායාරූප ගැනීමටද සමහරු පුරුදු වී ඇත.

ඉතිරිය පසුවට .......

Friday, October 12, 2012


කුඩා කාලය.....

මම ඉපදුනේ  හික්කඩුවට කිටිටු බද්දේගම කියන සුන්දර ගමෙ1962 දී.  මට මස 8 ක් විතර වෙද්දී 1968 දී කොළඔ කොලොන්නාවෙ පදිංචියට එන්න වෙනවා.කිරිදෙන වත්ත කියලා තැනක හිටියා මතකයි.මම ඒ දවස්වල මුලින්ම කොලොන්නාවෙ විජය විද්‍යාලයට පාසැල් ගියා.එතනදි පුංචි මතකයක් විතරයි මට තියෙන්නේ. එගොඩ කොලොන්නාවෙන් පසුව මෙගොඩ කොලොන්නාවට එනවා.පුංචි සිල්ලර කඩයක් තමයි කරගෙන ආවෙ.ඒත් ඒ දවස්වල චන්ඩින්ගෙන් හරියට අපිට කරදර තිබුණා.නිතරම කඩෙට ඇවිල්ලා මංකොල්ලා කනවා.

ඉතිං ඒ නිසා අපි පදංචිය කිරිබත්ගොඩට වෙනස් කරනවා.එතන හෝටලයකුත් සිල්ලර කඩයකුත් කරගෙන ගියා කරදරයක් නැතුව.
එහිදී ඉගෙන ගැනිමට ඊරියවැටිය මහා විද්‍යාලයට ගියා.පහ වසරෙදි එම පාසලින්අස්කරලා  කැළණියේ ගුරුකුල මහා විදුහලට ඇතුලත්කලා. එම පාසලට ගියේ බස් එකෙන් කිරිබත්ගොඩ ඉදලා පටිටිය හන්දියට ශත පහලවයි. විවෙක වෙලාවට කන්නත් එක්ක මට සත හතලිස්පහක් දෙනවා.සත තිහක් බස් එකට ගියහම සත පහලවක් අතේ ඉතිරි වෙනවා . ඒකෙන් ජෑමි පාන් එකකුයි ප්ලේන්ටි එකකුයි බොනවා.සදුදාට මිහිර පත්තරේ ගන්නවා අනිවාර්යෙන්ම .ඒ දවස්වල මිහිර පත්තරේ සත පහලවයි.අමතරව කියවන්න ඒ දවස්වල වෙන දේවල් තිබුනේ නෑ.ගුණසේන පොත් සාප්පුවෙන් ඒ දවස්වල මගුල් කෑම‍,හත්පණ,මැක්බත්,වගේ පොත්. පොත් ගෙන්වා ගන්නවා.
පාසලේදී මම ඉතාම නිහඩ චරිතයක් වගේම මහ ලොකුවට පාඩමි කරපු කෙනෙක් නෙවෙයි.සාමාන්‍ය පෙළ විභාගේ කියලා කිසි විෂේශයක් තිබුනේ නෑ. කඩවත වසන්ත කියලා අමතර පන්තියකට ගණතය,විද්‍යාව සදහා ගියා.
                          1978 සාමාන්‍යපෙල පන්තියේදී ඇදපු චිත්‍ර කිහිපයක්...


                              
                               සාමාන්‍යපෙල පන්තියේදී ඇදපු චිත්‍ර කිහිපයක්...1978 -10-23


^ මා මිත්‍ර නිහාල් හේවගේ ඇදපු චිතුයක් වමි පැත්තේ යටම ඉන්නේ මම හරි අපූරැවට නිහාල්ට බලානෙ අදින්න පුලුවන්....


ඒ දවස්වල චිත්‍ර  තමා ආසාවෙන්ම කරපු විෂය.වී.පී .දන්දෙණිය ගුරැතූමිය අපට චිත්‍ර විෂය ඉතා අපූරැවට කියලා දුන්නා .ඇය අද ජීවතුන් අතර නැතත්ඇය අපට මවක් වගේ කරැණු තේරුමි කරලා දුන්නා.ඊ ලගට තුනී ලෑලි (ලී වැඩ ) විෂයටත් ගොඩක් ආසයි අලුත් නිර්මාණ කරන්න ඒ නිසා අවස්ථාවක් ලැබුනා.කොහොම හරි  සාමාන්‍ය පෙළ විෂයන් අටක් සමග සමිමාන තුනක් ලබාගත් මා උසස් පෙළට සමත් උනා.හැබැයිගණිතය,ඉංග්‍රීසි ,දෙකම අසමත්.ඒ දවස් වල ගණිතය අනිවාර්යය නැති උනත්  ගෙදරින් නැවත විභාගය කරන්න කියලා බල කලත්,මගේ කැමැත්තට  උසස් පෙළට ඇතුලත් උනා.ඊලග අවුරැද්දේ ගණිතයත්,ඉංග්‍රීසිත් නැවත කලා එයින් ඉංග්‍රීසි සමත් උනත් ගණිතය අසමත් උනා.
 උසස් පෙළට සිංහල ,චිත්‍ර, ආර්ථික විද්‍යව,නාට්‍ය කරණය.ඉගෙන ගත්තා.නාට්‍ය කරණය කරන අතරතුර නාට්‍යක් කලා අපේ පන්තියෙන්. එහිදී සිංහල විෂය ඉගැන්වූයේ දක්ෂ ගීත රවක අමරසේන කංකානමිගේ ගුරුතුමා.ඒ දවස්වල ඹහු ගීත ලියනවා කියලා දන්නේ නෑ පසුව තමයි දැන ගත්තේ.ඹහු අපිට නිදිමත වෙනකං පන්තියේ එක එක දේවල් රසට කියනවා. 



 ^  පාලිත විජේසිංහ, වොල්ටර් චන්ද්‍රසිරි රගපෑ අවස්ථාවක්.
                                                                    ^ ජයලත් චන්ද්‍රසිරි හා නිහාල් හේවගරගපෑඅවස්ථාවක්...

 මා රගපෑ අවස්ථාවක්...
                                                           සාමාන්‍ය පෙල පන්තියේ දී.....

අපි ඔය කාලෙදී පුංචි පත්තරයක් ලිවිවා ඉතා ආසාවෙන් ඒ වැඩ කටයුතු කලා.වොල්ටර්,මම,පාලිත විජෙසිංහ(දැන් ඹහු රූපවාහිනීයේ ඉහලතැනකසිටිනවා)ලලිත්,
ඇතුලු කිහිප දෙනෙක් 
සහභාගී උනා.


                                                                              පාලිත විජේසිංහ, වොල්ටර් චන්ද්‍රසිරි රගපෑ අවස්ථාවක්.

 ඒ අතර දවසක් පාපැදි වලින්  කතරගම යමු කියලා යෝජනා උනා. ඒකට නමි කීයටවත් ගෙදරින් කැමැත්ත දෙන්නේ නැති බව මම දන්න නිසා ගෙදරට කිවිවා පිරිත් මණ්ඩප්පයක් ගහනවා යාලුවෙකු ගේ ගෙදර ඒකට යනවා කියලා. කොහොම හරි අපි තුන් දෙනෙක් බයිසිකල් වලින් කතර ගම ගියා මගේ ලග රුපියල් එකසිය පණහක් තිබුණා.පළමු දවසේ අපි දෙන්නෙක් හොරණ අනිත් යාලුවගේ ගෙදර ගියා එතන ඉදලා මාතරට ගියා. මාතර පන්සලක ඉදලා මාමඩල ,බැමිණියන්විල යාලුවගේ ගෙදර ගියා එහේදි පැල් රකින්නත් ලිදක් ඉහින්නත් සිද්ද උනා.ඒ ලග තිබුණ තැපැල් කන්තොරුවෙන් පොස්කාඩි එකක් තැපැල් කලා විස්තරේ ගෙදරට කියලා.ඊට පස්සේ කොහොම හරි කතරගමත් ගිහිල්ලා ගෙදර එනකොට හත වැදිලා . මම ගෙදර එනකොට එකම යුද පිටියයි මම පැනලා ගිහිල්ලා කියලා.මම දැක්කම ඔක්කොම හරි ගියා. මම තැපැල් කරපු ලිපිය මම ගෙදර ගිහිල්ලා දවසකට පස්සේ ලැබුණා...ඉතිං හිතාගන්න පුලුවන්නේ කාරනේ....
 

                                             කතරගම වැඩිහිටිකන්ද උඩ දී


                                              කතරගම වැඩිහිටිකන්ද නගිද් දී




          
                                                     ^ මම හරි කෙටිටුයි පාසල් යන කාලේ....

උසස්ළෙ විෂයන් හතර සාමාන්‍ය විදියට සමත් උනා. ඒත් සරසවි යන්න ලකුණු මදි උනා. ඒක ඒ තරමි ගණන් ගත්තෙත් නෑ.ඒ දවස් වල දැන් වගේ ඉගෙන ගන්න ලොකු බලාපොරොත්තුවක් වත් කරදරයක්වත් තිබුනේ නෑ......ඔන්න ඔය විදියට කුඩා කාළය ගෙවුනා..............